රක්ෂිතයේ නැගෙනහිර දෙස සිට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.
ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත නොහැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි. බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.
එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනුයේ පක්ෂීන් බොහෝ විට ආහාර සොයා යාම සඳහා සාමූහික රංචු වශයෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි රංචුවක් බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය.ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති ආවේණික අතුරෙන්, වැසි වනාන්තර ඇසුරේ වාසය කරන විශේෂ 20ක් ඇති අතර, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා බට ඇටිකුකුළා සහ ශ්‍රී ලංකා කැහි බෙල්ලා ඇතුළු සියලු ම විශේෂ මෙහි දී දැකගත හැකි වේ.
උරගයින් වශයෙන් ආවේණික විශේෂ වන, පළා පොළඟා සහ කුණකටුවා දැකගත හැකි අතර පුළුල් උභයජීවී විවිධත්වයක් ද පවතී. මෙහි දී ගස් ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘෂ්ඨවංශීන් ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි.
පිවිසුම් මාර්ග.
- කුඩව හරහා පිවිසුම:කොළඹ -->කලවාන -->කුඩව
- කොළබ -- ගාල්ල ---දෙනියාය--මෙදේරිපිටිය---- පිටදෙනිය
No comments:
Post a Comment