Friday, May 15, 2015

රිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතය

පිහිටීම.

උතරු මැද පළෘතේ,අනුරධපුරයට නුදුරින් රිටිගල කන්ද පිහිටා ඇත.
පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව රිටිගල පිහිටා ඇත.හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7200ක පමණ රමණීය භූමි භාගයක් මෙම වනපියසින් වැසී ඇත්තේය.

විදේශීකයන්ගේ පවා අවධෘනයට ලක්ව ඇත. රිටිගල කඳුකරය කඳු මුදුන් හතකින් සමන්විත වේ.ඒවා නම්,ආසියා කන්ද,බට කන්ද,කොඩිගල,උණ කන්ද,අඹරාපති කන්ද,පටලීය හින්න,කිරිවැල් හින්න ආදිය වේ.
600mක් (අඩි 2000ක්) පමණ උසින් යුත් රිටිගල වියළි කලාපයේ ඉහළම ස්ථානය ද වේ.
කිරිය ගස් වැව,කළුඑබේ,මොරගොඩ,මූරියා කඩවල,බමුණුගම,උල්පත,හීනුක්කිරියාව,ගලපිටිගල ආදි ගම්මාන 14කින් වටව මෙම වන පියස පිහිටා ඇත.

රිටිගල කන්දට පිවිසෙන්නට මුලින්ම ඇත්තේ කුඩා ගල් කුළු කිහිපයක් උඩිනි.ඒ සමඟම අපට හමු වන්නේ තරමක දිග පළලකින් යුතු ගැඹුර අඩි 30ක් තරම් වූ ගරා වැටුණු"බන්දා පොකුණ" නම් වූ සුවිශාල පොකුණයි.
ඉන් පසුව තැනින් තැන විසිරී පැතිරී ඇති ගල් පාලම්,පියගැට පේළි,කවාකාර වූ ‍ශෛලමය වේදිකා,ඔපමට්ටම් කරන ලදවිශාල ගල් පුවරු,සෙල්මුවා පහන්,තටාක,බෙහෙත් ඔරු,සල පතල මළු,සක්මන් මළු,කටාරන් කෙටූ ගල් ලෙන්,පතානගර හා ගල් කුළුණුය.

මේ සියල්ලක්ම අපට කියා පාන්නේ අපේ අතීත වාස්තු විද්‍යාවේ විස්මිත නිර්මාණාත්මක ශක්තියයි.එදා සිටි රජවරුනගේසංනිවේදි මානසික ගති ලක්ෂණයන්ය.
වසර 1500ක පමණ කාලයක් අද්විතීය වටිනාකමකින් යුක්ත ආරාමික සංකීර්ණයක් වශයෙන් පැවති රිටිගල 11 සියවසේදීචෝළ ආක්‍රමණයත් සමඟ ක්‍රමයෙන් නටඹුන් වන්නට විය.වනගත වීම නිසා වන සතුන්ගේ වාසස්ථානයක් බවට පත් වූ රිටිගල කන්දවර්තමානයේදී වනාන්තරයෙන් වැසී පවතී. මහාවංශයේ "අරිට්ඨ පබ්බත" යනුවෙන් දැක්වෙන්නේ රිටිගල බව ඉතිහාසඥයන්ගේ මතයයි. භාවනානුයෝගි භික්ෂූන් වහන්සේලා සඳහා යෝග‍්‍ය වූ නිසසල වනගත පෙදෙසක් වශයෙන් රිටිගල වැදගත්කම එහි දක්නට ලැබෙන නටඹුන් වලින්ද හෙළි වේ.



රිටිගල ලෙස හැඳින්වීම.

  • මෙය රිටිගල ලෙස හැඳින්වීමට හේතු ගණනාවක් බලපා ඇත.
පාලි 'අරිට්ඨ පබ්බත' සංස්කෘත 'අරිෂ්ට පර්වත' යන්නෙන් සිංහලයට බිඳී එන්නට අතැයි සාමාන්‍ය‍යෙන් සැලකේ. 'රිටි' යනු පාලි 'අරිට්ඨ' යන්නෙන් බිදී ආ 'ආරක්ෂාව' යන අරුත් ඇති පදයකි. ඒ අනුව රිටිගල ආරක්ෂක පර්වතයකි. මහාවංශයේ 'අරිට්ඨ පබ්බත' ලෙස සඳහන් වන්නේ ‍මෙම ස්ථානයයි.
  • රිටිගල දක්නට ඇති 'රිටි' නැමති ගස් වර්ගය නිසා මෙම පර්වතය රිටිගල නමින් හඳුන්වන්නට ඇත යන්න තවත් මතයකි.
  • රිටිගල අඩතැන්නේ පිහිටි රිටක් මෙන් ඉහළට එසවී ඇති පර්වතයක් නිසා මේ නම ලැබෙන්නට ඇතැයි ද විශ්වාස කෙරේ.
  • රිටිගල යන නමේ 'රිටි' යන්නෙහි ගැබ්ව පවත්නා සැබෑ අරුත කුමක් වුව ද, එම වදන සිංහල භාෂාවේ පුරාතන වචනයක් බවවාග් විද්‍යාත්මක හා ඓතිහාසික සාධක ආශ්‍රයෙන් පැහැදිලි වේ.




වැදගත්කම

  • තෙත් කලාපීය දේශගුණ රටාවට සමීප දේශගුණික තත්වයක් ඇත.අවුරුද්ද පුරාම නොසිඳී ගලා එන සියුම් ජල උල්පත් ඇත.
  • ‍ඓතිහාසික නටඹුන් නගරයක් ලෙස වැදගත් වේ.
  • උද්හිද විද්‍යාත්මකව වැදගත් වේ.

ශාක විශේෂ රාශියක් මෙම වනයේ ඇත.පළු,වීර, මොර, අන්නාසි, දෙහි, දොඩම් වැනි නොයෙකුත් පළතුරු හා ඉතාම දුර්ලභවර්ගයේ අශෝක වැනි මල් වලින් සැදුම් ලත් මේ වන රොදෙහි තිත් කොහා, කහ කුරුල්ලා, වලි කුකුළා, ගිරවා, මයිනා, නීල බෙයියා, බට ගොයා, දෙමලිච්චා වැනි පක්ෂීහු ද විවිධ සමනල් වර්ග මෙන්ම අලි, කොටි, වලස්, මුව, ගෝන ආදි සිවුපාවෝ ද පිඹුරා, නයා, පොළඟා හා උරඟ සත්ව විශේෂයෝ ද එමට වෙති.
  • නූතන යුගයේ රිටිගල වැදගත්කම වඩාත් ඉස්මතු වූයේ එහි ඇති බ්‍රාහ්මි ශිලා ලිපි හේතු කොට ගෙනය.මිහින්තලේ,වෙස්සගිරිය, යන ස්ථාන වල දක්නට ලැබෙන ලෙන් ලිපි වලට නොදෙවෙනි වැදගත්කමක් රිටිගල සෙල්ලිපි වලටද හිමි වේ.
මෙරට සෙල් ලිපි අධ්‍යයනයේ ප්‍රමුඛයකු වූ සෙනරත් පරණවිතාන වැනි විද්වතුන්ගේ අවධානය ද රිටිගල කෙරෙහි යොමු වීමත්සමඟ මෙම ස්ථානයේ වටිනාකම තවත් වැදගත් වන්නට විය.

වර්ෂ 1980 සංස්කෘතික ත්‍රිකෝණයේ කටයුතු ආරම්භ වීමත් සමඟ,ඊට අයත් පෞරාණික ස්ථානයක් වශයෙන් රිටිගල වැදගත්කම යළිත් වරක් ඉස්මතු වූ අතර, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ කැණීම් හා සංරක්ෂණ කටයුතු දැනට සිදු කරගෙන යනු ලැබේ.

සිංහරාජයේ දවසක්

සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධයම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැට්යේ උස 300- 1170M සීමාවේ,හේක්ටයාර 11250 ක පැතිර පවතී. පවතින ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත.ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1978 වස‌‍රේ දී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, 1988 වස‌‍රේ දී ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍යේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ.


රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත නොහැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි. බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.


එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය.ශ්‍රී ලංකා‌‌වේ දැනට හඳුනා‌‌‍ගෙන ඇති ආවේණික අතු‌‍රෙන්, වැසි වනාන්තර ඇසු‌‌‍රේ වාසය කරන ‌විශේෂ 20ක් ඇති අතර, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා‌‌ බට ඇටිකුකුළා සහ ශ්‍රී ලංකා‌‌ කැහි බෙල්ලා ඇතුළු සියලු ම ‌විශේෂ මෙහි දී දැකගත හැකි‌ වේ.

උරගයින් වශයෙන් ආවේණික විශේෂ වන, පළා පොළඟා සහ කුණකටුවා දැකගත හැකි‌ අතර පුළුල් උභයජීවී විවිධත්වයක් ද පවතී. මෙහි දී ගස් ‍ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘෂ්ඨවංශීන් ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි.


පිවිසුම් මාර්ග.

  • කුඩව හරහා පිවිසුම:කොළඹ -->කලවාන -->කුඩව
  • කොළබ -- ගාල්ල ---දෙනියාය--මෙදේරිපිටිය---- පිටදෙනිය